රියර් අද්මිරාල් සුජීව පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා අද (අප්‍රේල් 08) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. එම විධානය භාර හිටපු ආඥාපති රියර් අද්මිරාල් රසික දිසානායක මහතා විසින් ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා වෙත භාර දිම සිදු කෙරිණි.
එහිදි නව ආඥාපතිතුමන් වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් වයඹ නාවික විධානය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපතිතුමන් හට සහෘද නිලධාරීන් සුභ පැතිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් වෙත සමුදෙන ලදී. මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු වයිඑම්ජිබී ජයතිලක මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.










