රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 8 පේසාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ග්‍රෑම් 100 කැබලි 26 ක් වශයෙන් මෙම රත්‍රං තොගය ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබු අතර, එම රත්‍රං තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 2 කට ආසන්න බැව් සැක කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.





