ගාල්ලේ ඇගළුම් ගබඩාවක ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
ගාල්ල, දංගෙදර ප්‍රදේශයේ ඇගළුම් ගබඩාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම ඊයේ (අප්‍රේල් 10) සහාය දැක්වීය. ඇතිවු ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් දකුණු නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම සහ ගාල්ල මහ නාගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම ගබඩාව පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කරන ලදී.





