ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (අප්‍රේල් 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව භූමියේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ආඥාපති බටහිර නාවික පෙදෙස රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ද සහභාගීවි සිටියහ.
නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1277 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික හමුදා සහන පදනම කටයුතු කොට ඇත. ඒ සඳහා රුපියල් මිලියන 639.2 ක මුදලක් වැය කර ඇති අතර, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 3925 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.





