නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 11) මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 24.2 ක් සමඟ ලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එම රත්‍රං තොගය දළ වශයෙන් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමකින් යුක්ත බැව් සැක කරන අතර, ග්‍රෑම් 100 කැබලි 242 ක් ලෙස ඒවා අසුරා තිබිණි. රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන්, රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.




