පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දුන් ඉන්දික දිසානායක ඇතුළු පිරිස හරසරින් පිළිගැනේ
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමෙන් ලක් මවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (අප්‍රේල් 11) දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්නර්ජාතික ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි.
තවද, කටුනායක සිට කොළඹ බලා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට මග දෙපස ද උත්සව සංවිධානය කර තිබුණු අතර, පිළිගැනීමේ ප්‍රධාන උත්සවය ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවත්වුණි. එමෙන්ම, නාවික හමුදාව නියෝජනය කරන ලද බල නැවි ඉන්දික දිසානායක විසින් දිනා ගත් රිදී පදක්කම නාවික හමුදා ඉතිහාසයේ නාවිකයෙකු විසින් අත්කර ගත් ඉහලම ජාත්‍යන්තර පදක්කම බවට සනිටුහන් විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ක්‍රීඩා, කොමදෝරු ලසන්ත ගමගේ මහතා සහ නාවික හමුදා බර ඉසිලිමේ සංචිතයේ සභාපති, කොමාණ්ඩර් සංජිව පෙරේරා මහතා ඇතුළු අධ්යක්ෂ ක්‍රීඩා කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගීවි සිටියහ.





