රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 12) විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව එතුමා වෙනුවෙන් සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කෙරිණි.
ඉන් අනතුරුව, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් සරත්සේන මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1984 වර්ෂයේදී 12 වන නිලධාරී බඳවා ගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සරත්සේන මහතා මීට පෙර නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා, දකුණු නාවික විධානය භාර ආඥාපති, අධ්යක්ෂ නාවික මෙහෙයුම් සහ නැගෙනහිර නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති ආදි වූ නාවික හමුදාවේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.






