නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය - 2018 ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගිය (අප්‍රේල් 21) වන දින නුවරඑළිය, ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
නුවරඑළිය ‘වසන්ත උදානය’ බක්මහ සැණකෙළියට සමගාමීව මෙම ජල ක්‍රීඩා තරඟාවලිය සංවිධානය කෙරේ. ලෝකයේ ප්රමුඛ පෙළේ ජල ක්‍රීඩාවක් වන ජෙට් ස්කී ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා අප්‍රේල් උත්සව සමයේදී සංචාරකයින්ගේ වැඩි අවධානයක් මෙරටට ලබා ගැනීම අරමුණු කරගනිමින් ජෙට් ස්කී ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි.
තවද, ශ්‍රී ලංකාවේ ජෙට් ස්කී ක්‍රීඩාව වෙනුවෙන් පවත්වන එකම ශූරතාවලිය මෙය වන අතර, ඒ සඳහා මෙවර ද දිවයිනේ නන් දෙසින් පැමිණි ක්‍රිඩකයන් විශාල පිරිසක් සහභාගී වු අතර, එහිදී පවත්වන ලද විවිධ ඉසව් සඳහා පහත ක්‍රිඩකයින් ජයග්‍රහනය කරන ලදී.
ජෙට් ස්කී අශ්ව බල 130 සිට 300 දක්වා වූ ‘Slalom’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය | - | චින්තක අල්විස් මහතා | ||
දෙවන ස්ථානය | - | තුසල් ගුණවර්ධන මහතා | ||
තෙවන ස්ථානය | - | බල සෙබල කේඒඑන්ඩි කොඩිකාර |
ජෙට් ස්කී අශ්ව බල 130 සිට 300 දක්වා වූ ‘Drag’ තරග අංශය
ප්‍රථම ස්ථානය | - | ඩබ්ඩබ්එම්ඩි වික්‍රමරත්න මහතා | ||
දෙවන ස්ථානය | - | ජිවන්ත අසංක මහතා | ||
තෙවන ස්ථානය | - | ඩබ්එම් මිතුන් හසංක මහතා |
ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ ‘Drag’ තරග අංශය
ප්‍රථම ස්ථානය | - | නායක ඉංජිනේරු කාර්මික කේජිපි තිලකසිරි | ||
දෙවන ස්ථානය | - | බල නැවි ඊඑම්එස් ඒකනායක | ||
තෙවන ස්ථානය | - | බල නැවි ඩබ්එම්ඩි විජේකෝන් |
ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ ‘Slalom’ තරඟ අංශය
ප්‍රථම ස්ථානය | - | සුළු නිලධාරී (වියාබ) ඒඑම්කේ අධිකාරි | ||
දෙවන ස්ථානය | - | බල සෙබල කේඒඑන්ඩි කොඩිකාර | ||
තෙවන ස්ථානය | - | චතුර ගුණවර්ධන මහතා |
කායක් අංශයේ තරඟාවලිය
ප්‍රථම ස්ථානය | - |
නායන නැවි යුඑස්කේ නවරත්න බල නැවි එච්අයිපී සම්පත් |
|||
දෙවන ස්ථානය | - |
බල නැවි එච්එම්සීපී බංඩාර බල නැවි ආර්එම්ආර්එම් චනද්‍රසේකර |
|||
තෙවන ස්ථානය | - |
ජිඩබ්එස් දාවිත් මහතා කේසී ගුණවර්ධන මහතා |
ජෙට් ස්කී ප්‍රවීණයන් සඳහා පැවැත් වූ තරඟාවලිය
ප්‍රථම ස්ථානය | - | කොමදෝරු අනුර ධනපාල මහතා | ||
දෙවන ස්ථානය | - | ආර්පිඑල් ද සිල්වා මහතා |
ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ තරගාවලියේ සමස්ථ ජයග්‍රහකයා
සුළු නිලධාරී (වියාබ) ඒඑම්කේ අධිකාරි |
නාවික කුසලාන ජෙට් ස්කී 2018 තරගාවලියේ සමස්ථ ජයග්‍රහකයා
ඩබ්ඩබ්එම්ඩි වික්‍රමරත්න මහතා |
එමෙන්ම, මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දුන් අතර, තරඟ ඉසව්වලට අමතරව ක්‍රීඩා උළෙල වර්ණවත් කරමින් ශ්‍රිලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් ජල ක්‍රීඩා සංදර්ශනයක් ද පැවැත්වීය.
මෙම අවසථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති, ගරු චන්දන ලාල් කරුණාරත්න මහතා නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතයේ සභාපති, කොමදෝරු අනුර ධනපාල සහ එහි ලේකම් ලුතිනන් කොමාණ්ඩර් චානක උදයංග මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වී සිටියහ.






















