සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 18 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 22) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
දින පහක (05) නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්යමණ්ඩලය, දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ සුහද පාපන්දු ක්‍රීඩා තරඟයකට සහභාගී වු අතර, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතිකමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද සහභාගී වන ලදී.







