ජාතික ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
2018 අප්‍රේල් මස 23 සහ 24 යන දෙදින තුල දියවන්නා ඔය පරිශ්‍රයේදී පැවැත්වු දෙවන වේග හබල් ඔරු ජාතික තරඟාවලියේ (National Canoe Sprint Championship – 2018) සමස්ථ ශුරතාවය ඇතුළු විවිධ ජයග්රහන රැසක් හිමි කර ගැනීමට ශ්‍රීලංකා නාවික හමුදා හබල් ඔරු සංචිතයට අයත් නාවිකයින් සමත්වන ලදී.
තරඟාවලිය K1, K2, K4 හා C1 යන කාණ්ඩ ඔස්සේ පැවැත්වීමට ජාතික සංගමය කටයුතු කර තිබු අතර, මෙම අංශ සඳහා වු සමස්ථ රන් පදක්කම් 10 අතරින් 07 ක් ජයග්‍රහණය කිරීමට නාවික හමුදාව සමත්විය. එයට අමතරව රිදී පදක්කම් 03 ක්, ලෝකඩ පදක්කම් 02 ක් හා කාන්තා ඉසව්වන්හීදී රිදී පදක්කම් 03 ක් ජයග්‍රහනය කිරීමට ශ්‍රීලංකා නාවික හමුදා කණ්ඩායම සමත්වී ඇත.
ඒ අනුව පළමුවර පැවැත්වු K 2 මීටර් 200 සහ K 4 මීටර් 100 යන ඉසව්වන්හී ජාතික වාර්තා මේවන විට ශ්‍රීලංකා නාවික හමුදා කණ්ඩායම විසින් උසුලනු ලබයි.
ශ්‍රිලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කල නායක නැවි (වියාබ) බුද්දික ඉඳුනිල් විජේරත්න තරඟාවලියේ දක්ෂතම හබල්කරු ලෙස නම් කරන ලදී.











