පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ තඨාකාංගණයේදී සනිටුහන් කෙරේ
පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භක උළෙල ඊයේ (අප්‍රේල් 25) නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
ඒ සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, අධ්යක්ෂ මැරීන් බළකාය සහ අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා, ඇමරිකා එක්සත්ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී, රොබට් හිල්ටන් මහතා, මර්සී නෞකාවේ අණදෙන නිලධාරී කොමදෝරු ඩේවිඩ් බ්‍රෙට්ස් මහතා ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පේරූ, කැනඩාව හා ජපානය යන රටවල්හි හමුදා සාමාජිකයන් හා ශ්‍රිලංකා ගුවන් හමුදාව, ශ්‍රීලංකා යුධ හමුදාව සහ ශ්‍රිලංකා පොලීසිය නියොජනය කරමින් නිලධාරීන්ද, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන්ද මෙයට සහභාගී විය.














