ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි
2018 ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.
එහි දෙවන දිනය වන ඊයේ (අප්‍රේල් 30) සියළු ආගමික කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී තිබුණි. ඒ අනුව එම වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් සිදු විය. එහිදී, ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගැනීම සිදු විය. ඉන් අනතුරුව නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ, පංච තූර්ය වාදනය හමුවේ නාවික හමුදාධිපතිතුමන් විසින් ගංඟාරාම විහාරස්ථානයේ සිට සීමා මාලක පරිශ්‍රය දක්වා පෙරහැරක් මඟින් සධාතුක කරඩුව වැඩම කරවන ලදි.
අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිට වූ අතර, ඉන් අනතුරුව උන්වහන්සේ විසින් විශේෂ දේශණයක් ද පැවැත්වීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයේ විසිතුරු අසිරිය හා පූජනීයත්වය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී.
එම අවස්ථාව සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් වැඩමවා සිටි ගරුතර මහා සංඝරත්ණය, ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතා, ක්‍රීඩා අමාත්‍ය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මහතා, ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ගරු. ඒඑච්එම් ෆවුසි මහතා, දේශීය මෙන්ම විදේශීය ප්‍රභූ පුද්ගලයන්, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික පුද්ගලයන් සහ බැතිමතුන් අති විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.























