ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරාල් බිෆින් රාවට් මහතා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු යුද්ධ හමුදාධිපති, ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත පිරිස අද (මැයි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. එහිදී, නාවික සම්ප්‍රදායනුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. අනතුරුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා මෙන්ම නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.








