නාවික හමුදාව කිලාලී කලපුවේදී ජිවිතාරක්ෂක පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා කරයි
පසුගිය අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රිලංනානෞ වේළුසුමන ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් එක්ව කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රද්ශයේදී සාර්ථක ලෙස ජිවිතාරක්ෂක පුහුණු මෙහෙයුමක් සිදුකරන ලදී.
එහිදී ජලයේ ගිලෙමින් සිටින පුද්ගලයෙකු ඉතා වේගවත්ව, ආරක්ෂාකාරීව හා ජිවිතාරක්ෂක උපකරණ නිවැරදිව භාවිතා කරමින් මුදවා ගන්නා ආකාරය සහ ජලය ගලායන දිශාවට විරුද්ධ දිශාවට පිහිනීම යනාදී ක්‍රියාකාරකම් මෙම ජිවිතාරක්ෂක පුහුණු මෙහෙයුමට ඇතුලත් විය.
















