නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්රීයව ක්රීයාත්මක වේ.
අතුරුදන් වු පොලිස් නිලධාරීයාගේ මෘතදේහය සොයාගනී
පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය.
රත්නපුර දිස්ත්රික් දිසාපතිණී නාවික හමුදා ජංගම මුළුතැන්ගෙය නිරීක්ෂණය කරයි.
ඊයේ (මැයි 26) වන දින රත්නපුර සබරගමු ක්රීඩාංගනයේ ස්ථාන ගතකර තිබු නාවික හමුදා ජංගම මුළුතැන් ගෙය නිරීක්ෂණය කිරීම සඳහා රත්නපුර දිස්ත්රික් දිසාපතිණී මාලනී ලොකුපෝතාගම මහත්මිය පැමිණි අතර, නාවික හමුදා සහන කණ්ඩායම් භාර නිලධාරී කොමාණ්ඩර් නදීර කුලපති මහතා සමග විපතට පත් ජනතාවට සහන සැළසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.



