උතුරු නාවික විධානය තුල විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් හට විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි මස 24 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි සහ යෝගා ව්‍යායාම උපදේශකවරයෙකු වන කපිතාන් මහේෂ් ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන නාවික පුද්ගලයින් හට නව අත්දැකීමක් එක් කරන්නක් වූ අතර, එමඟින් මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වාගෙන යාම සඳහා මනා දැනුමක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. මෙම වැඩසටහන සඳහා නාවික හමුදා පුද්ගලයින් රැසක් සහභාගීවී සිටි අතර, පැමිණ සිටි සියළුදෙනාගේ නොමඳ ප්‍රශංසාවට ලක් වීය.











