ගාලු මුවදොර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් එම ගාලු මුවදොර ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ජුනි 02) ක්‍රියාත්මක කරන ලදි.
මෙම වැඩසටහන සඳහා බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල, පරාක්‍රම සහ කැළණි යන ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් 50 දෙනෙකු පමණ සහභාගිවි සිටි අතර, එම කාර්යය ජනතාවගේ නොමඳ පැසසුමට ලක්විය. එමෙන්ම, විශාල වශයෙන් එක්රුස්වි තිබූ පොලිතින් ප්ලාස්ටික් තොගය නාවික හමුදාව විසින් මට්ටක්කුලිය, කාක දුපතේ පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, එමඟින් විසිතුරු භාණ්ඩ, මල් පෝච්චි, කම්බි කණු සහ උද්‍යාන ඇතුරුම් ගඩොල් සකස් කිරීම ආදි උසස් නිෂ්පාදන නිපදවීමට කටයුතු කරනු ලබයි.
තවද, මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා අනාගතයේ තිරසාර විසඳුමක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, කැලිකසල, ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.








