නව පත්විම් ලද යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
යාපනය දිස්ත්රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් වශයෙන් පත්විම් ලද එස් බාලචන්ද්රන් මහතා ඊයේ (ජුනි 07) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




