ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය 2018 පසුගිය ජුනි 09 දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. මෙම තරඟාවලිය සඳහා පිරිමි අංශයෙන් නාවික හමුදාව නියෝජනය කළ නායක ශාරිරික අභ්‍යාසක ජේඑන්එස්එන් කුමාර නාවිකයා පළමු ස්ථානය ද, නායක කිමිදුමි එච්එමිඩිඩි බංඩාර නාවිකයා දෙවන ස්ථානය ද හිමි කර ගන්නා ලදී. තවද, එහි සිවි වන ස්ථානය බල කිමිදුමි ජේඩිඩිපී ජයසිංහ නාවිකයා හිමි කර ගන්නා ලද අතර, ඒ අනුව තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගන්නා ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, එයාර් වයිස් මාෂල් එල්ආර් ජයවීර මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ක්‍රීඩා, කොමදෝරු ලසන්ත ගමගේ මහතා, නාවික හමුදා තුන්ප්‍රයාම සංචිතයේ සභාපති, කපිතාන් රවින්ද්‍ර තිසේරා මහතා සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.








