කුරුණෑගල ප්රදේශයේ ඇති වූ සූළි සුළං තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා නාවික හමුදාවේ සහාය
කුරුණෑගල දිස්ත්රික්කයේ මාස්පොත ප්රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්රදේශ රැසකට පසුගිය ජුනි 09 වන දින උදෑසන ඇති වූ සූළි සූළං තත්ත්වය හේතුවෙන් කුරුණැගල, කුඩාගල්ගමුව සහ බිබිලදේණිය යන ප්රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදා සාමාජිකයින් යෙදිවිමට කටයුතු කරන ලදී.
ඒ අනුව, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්රතිචාර දක්වමින් ඒ සඳහා සහන කණ්ඩායම් දෙකක් අනුයුක්ත කිරීමට කටයුතු කළ අතර, කුඩාගල්ගමුව ප්රදේශය සඳහා එක් නිලධාරියෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද, බිබිලදේණිය ප්රදේශය සඳහා එක් නිලධාරියෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 25 දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා කණ්ඩායමක් ද අනුයුක්ත කිරීමට කටයුතු කෙරුණි.
තවද, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් එම ප්රදේශයන්හි කඩා වැටි ඇති වෘක්ෂ ඉවත් කිරීම් සහ නිවාස අළුත්වැඩියා කිරීම් ඇතුළු සහන සැලසීමේ කටයුතු සිදු කරමින් මහජනතාවගේ ජන ජිවිතය යාථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.








