ජාතික මුආයිතායි ශූරතාවලියේ ජයග්රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ ඇගැයුමට
ජාතික මුආයිතායි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් එම කණ්ඩායමේ සාමාජිකයින් හට සිය සුභ පැතුම් එක් කරන ලදී.
එම අවස්ථාව සඳහා නාවික හමුදා මුආයිතායි සහ වුෂු සංචිතයේ සභාපති, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ෆයිසාල් මහතා, ජාතික වුෂු සංගමයේ සභාපති සහ නාවික හමුදා මුආයිතායි කණ්ඩායාමේ පුහුණුකරු, ආශෝක ජයරත්න මහතා ද සහභාගී වී සිටියහ.
මෙම තරඟාවලිය පසුගිය මැයි 26 සහ 27 යන දෙදින නාවලපිටිය, ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන ලද නාවිකයින් විසින් රන් පදක්කම් 12 ක්, රිදි පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් හිමි කර ගනිමින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. තවද, කාන්තා බල නාවික රුවනි දිල්හානි ක්රීඩිකාව තරඟාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වන ලදී.





