ආරක්ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කඹ ඇදීමේ ක්‍රීඩා පිටියේ ඊයේ (ජුනි 11) පැවති 2018 ආරක්ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් විය. යුද්ධ හමුදා කණ්ඩායම සමඟ පැවති එම තරඟයෙන් වට දෙකක (02) ජය තහවුරු කර ගැනීමට නාවික හමුදා කඹ ඇදීමේ ක්‍රීඩකයින් හට හැකියාව ලැබිණි.
ආඥාපති නාවික පාබල, අධ්යක්ෂ නාවික මැරීන් සහ අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, රියර් අද්මිරාල් උදේනී සේරසිංහ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් පිරිසක් ද සහභාගිවි සිටියහ.







