ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) ජනිත බුද්ධික මහතා අද (ජුනි 12) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) ඉන්දික ද සිල්වා මහතා විසින් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා බටහිර විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.







