කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
කොච්චිකඩේ, ක්‍රිස්තියානි දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 13 උදැසන පැවති අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය සහභාගීත්වය සහ පූර්ණ දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, මෙම මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දක්වනු ලැබූ සුවිශේෂී දායකත්වය දේවාස්ථානය භාර පූජකතුමන් සහ බැතිමතුන් නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටියහ.







