උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි
උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊයේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය.
තරංග 1 (Taranga 1) නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය ජුනි 13 වන දින ත්‍රිකුණාමලය කොඩ්බේ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, පේදුරු තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි සයුරළ නෞකාව එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. පේදුරු තුඩුවට උතුරුදෙසින් නාවික සැතපුම් 26 ක් දුරකින් අදාල ධීවර යාත්‍රාව පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් සොයා ගැනීමට සමත් වු අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවිකයින් එම ධිවරයින්ව නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදී.
අනතුරුව නෞකාව මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස කන්කසන්තුරය වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, නිරුපද්‍රිතව රැගෙන එනු ලැබූ ධීවරයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.






