රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට (ජුලි 02) දින සිට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර, හෙට දින සිට එතුමා සිය ධූරයේ රාජකාරී අරඹනු ඇත. තවද, එතුමන් වර්තමානයේ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් තනතුර හොබවනු ලබයි.
