රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද (ජුලි 02) විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය සුභාශිංසන එක් කළ අතර, ඉන් අනතුරුව එතුමා වෙනුවෙන් සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කෙරිණි.
ඉන් අනතුරුව, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් රොසයිරෝ මහතා වෙත සමුදීම සිදු කළ අතර, නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1982 වර්ෂයේදී 11 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රොසයිරෝ මහතා මීට පෙර අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ ආඥාපති ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.












