රූමස්සල බොනීටා ළමා නිවාසයේ දැරියක් අසල ප්‍රපාතයකට වැටී සිටියදී නාවික හමුදා සහයෙන් බේරා ගනී
ඊයේ (ජුලි 03) සවස 05.00 පැයට පමණ ගාල්ල රූමස්සල පිහිටි බොනීටා ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී හදිසි අනතුරක් සිදුවී ඇති බව ගාල්ල වරාය පොලීසිය මගින් දකුණු නාවික විධාන මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් පරිදී කඩිනමින් ක්‍රියාත්මක වු විශේෂයාත්‍රා හා කිමිදුම් අංශයේ නාවිකයින් පිරිසක් එක්ව එම ස්ථානයට ගොස් මහත් වු පරිශ්‍රමයක් දරා එම දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ අතර, සුළු තුවාල ලබා සිටි එම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.




