නැගෙනහිර නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කරයි
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනය යටතේ පාලනය වන ඔක්ස්ෆර්ඩ් සර්කස් නාවික අනුඛණ්ඩයෙහී ස්ථාපිත කරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් අද (ජුලි 04) නාවිකයින්ගේ අයිතියට පත්කෙරිණි.
කණිෂ්ඨ නාවිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා අලුතින් ඉදිකරන ලද මෙම නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය සඳහා නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළුව නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගිවිය.







