මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අද (ජුලි 05) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාවන් කරෙයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අණතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





