නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 03 වන දින සාම්පූර් කොක්කාඩි ප්‍රදේශයේ සිදුකරන ලද සොදිසි මෙහෙයුමකදි මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගැනීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ වෝටර්ජෙල් කරල් 170 ක්, ඩිංගි යාත්‍රාවක් අනෙකුත් ධිවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, වෝටර්ජෙල් කරල්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 03 වන දින අරිප්පු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද පරා වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 416 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන්, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ජුලි 03 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 15 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
මුර සංචාරයක නිරතව සිටි උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 03 වන දින පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1084 ක්, හක් බෙල්ලන් 02 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, හක් බෙල්ලන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
පසුගිය ජුලි 04 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සැන්ඩිබේ ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැලක් (01) ක් සොයාගෙන ඇති අතර, එම තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 05 වන දින ෆවුල් තුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද මුර සංචාරයකදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 02 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය, සහකාර ධීවර පරීක්ෂක වෙත භාර දෙන ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්, මාන්කුලම් හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය සමග පසුගිය ජුලි 05 වන දින කාත්තාලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 යි ග්‍රෑම් 990 ක පුමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.
පසුගිය ජුලි 07 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 06 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 07 වන දින වාලච්චේනයි ධීවර වරායේදී මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ජෙලග්නයිට් කුරූ 4 ක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධිවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ජෙලග්නයිට් කුරූ, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, පොලිස් විශේෂකාර්ය බළකාය වෙත භාර දීමට කටයුතු කරන ලදී.










