ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2018
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය 2018 පසුගිය ජුලි 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගීවි සිටි අතර, එහි ශූරතාවය වයඹ නාවික විධානය ද අනු ශූරතාවය නාවික දියත් විධානය ද හිමිකර ගැනීමට සමත් විය. තවද, තරඟාවලියේදී මතු සඳහන් ජයග්‍රහණ හිමි කර ගැනීමට ක්‍රීඩකයින් සමත් වන ලදී.
අවසන් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා
බල නැවි ජිඑල්ඒඑල් මධුසංක - වයඹ නාවික විධානය
තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා
බල නැවි ජිඑල්ඒඑල් මධුසංක - වයඹ නාවික විධානය
තරඟාවලියේ දක්ෂතම පිතිකරු
බල නැවි ටිඑම්පී මුදුන්කොටුව - බටහිර නාවික විධානය
තරඟාවලියේ තුන්ඉරියව් දක්ෂතම ක්‍රීඩකයා
ලුතිනන් ටීවිඑස් පිරිස් - බටහිර නාවික විධානය
තරඟවලියේ කැපීපෙනෙන ක්‍රීඩකයා
මධ්‍ය නිලධාරි ජේආර් තරිඳු - නාවික දියත් විධානය
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
උප ලුතිනන් ඒඒවි යහම්පත් - වයඹ නාවික විධානය
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශණ මහතා සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති, කොමදෝරු නිශාන්ත ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන් ක්‍රීඩකයින් රැසක් සහභාගිවි සිටියහ.














