ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයෙහි 21 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් ශ්‍රීලංනානෞ අග්බෝ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) ඒඑම් අබේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, ඊයේ නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරිතුමාගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් පසු ආයතනයේ සියළුම නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විමට කටයුතු යොදා තිබූ අතර, අනතුරුව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත්වන ලදී.







