ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණික ආයතනය සිය 16 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණික ආයතනයෙහි 16 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් තාක්ෂණික ආයතනයේ අධ්‍යයන අධ්යක්ෂ, කොමාණ්ඩර් සජීව රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, ඊයේ නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂතුමාගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් පසු ආයතනයේ සියළුම නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විමට කටයුතු යොදා තිබූ අතර, අනතුරුව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත්වන ලදී.









