යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නාවික හමුදාව ප්‍රතිසංස්කරණය කෙරේ
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම ඊයේ (අගෝස්තු 01) උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගොඨයිම්බර ආයතනයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ මහතා, මාණ්ඩලික නිලධාරි ගොඩබිම් මෙහෙයුම් (උතුරු) කොමාණ්ඩර් (නාසෙ) බුද්ධික චන්ද්‍රසිරි මහතා, විද්‍යාලීය විදුහල්පති, එස්. කමලේන්ද්‍රන් මහතා සහ විද්‍යාල ගුරුභවතුන්, සිසුන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද සහභාගීවි සිටියහ.
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගොඨයිම්බර ආයතනයේ අණදෙන නිලධාරිතුමාගේ අධික්ෂණය යටතේ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිය ශ්‍රම දායකත්වය සපයා ඉතා කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කර ඇති අතර, කොළඹ, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය සපයන ලදී. තවද, මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පති මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රශංසාව නාවික හමුදාව වෙත පිරිනමන ලදී.















