නාවික හමුදාධිපතිතුමන් ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය අගෝස්තු 01 වන දින ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා, විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
පළමුව නාවික හමුදාධිපතිතුමන් විසින් විධාන රැස්විම් ශාලාවේදී ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇමතූ අතර, ඉන්පසුව ගිණිකොණ නාවික විධාන නිලධාරි නිවාසයේ අභිනවයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ල එතුමාගේ සුරතින් විවෘත කරන ලදී. තවද, ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද නාවිකයින් සමඟ සුහද පිළිසඳරක නිරත වූ එතුමන් ඔවුන්ගේ සේවය ඇගයීමට ද එහිදී කටයුතු කරන ලද අතර, එම අවස්ථාව සිහි කරනු වස් නාවික හමුදාධිපති තුමන් විසින් අඹ පැලයක් ද රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් ශ්‍රීලංනානෞ මහනාඝ ආයතනයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් ඇමතීමෙන් අනතුරුව ආයතනයේ නිරික්ෂණ චාරිකාවාරයක ද නිරත වන ලදී.
එමෙන්ම, නාවික හමුදාධිපතිතුමා විසින් ශ්‍රීලංනානෞ මහනාඝ ආයතනය විසින් රේඩාර් මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන කල්මුණේ, නාවික අනුඛණ්ඩයේ චාරිකා වාරයක් සිදු කරන ලද අතර, එහිදී නාවික අනුඛණ්ඩ කල්මුණේ, නාවික ස්ථානගත කිරිම් කල්මුණේ ලෙස නම් කිරීම ද නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කරන ලදී. පසුව එහි නිරීක්ෂණ චාරිකාවරයක නිරත වූ එතුමන් එහි නිලධාරීන් හා නාවිකයින් ඇමතීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ ගිණිකොණ නාවික විධාන සංචාරය නිමාවට පත්විය.

















