සාර්ථක සංචාරයකින් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය අගෝස්තු 08 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව අද දින (අගෝස්තු 11) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබුන වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.




