නාවික හමුදාධිපතිතුමා ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය පවත්වයි
වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය හය (6) වන වරටත් පසුගිය අගෝස්තු 11 වන දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විෂ්වවිද්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර, එහි අනුස්මරණ දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, සිරිමෙවන් රණසිංහ මහතා විසින් ‘නාවික හමුදාවක අව්‍යතාව’ යන තේමාව යටතේ පවත්වන ලදි.
මෙම ගුණානුස්මරණ උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් සහ විශ්‍රාමික ධජ නිලධාරීන් ඇතුළු විශාල සම්භාවණීය අමුත්තන් පිරිසක් සහභාගීවී සිටියහ.










