තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පාලවීය දළුව ගම්මානයට
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (අගෝස්තු14) දින නිමාවට පත් විය. ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් කල්පිටිය, පාලවිය දළුව ගම්මානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.
මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම අරමුණු කර ගනිමින් අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ මුල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, සුමනාරාම ඇතුළු විහාර ඝනයෙහි අධිපති, කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශාස්ත්‍රවේදී, මිගෙට්ටුවත්තේ ශ්‍රී සුමිත්ත නාහිමියන්ගේ මැදිහත් වීම මත පාලවිය දළුව සුමනාරාම විහාරස්ථ පින් බිමෙහි ස්තාපිත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ප්‍රදේශ වාසි ජනතාවට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකි වනු ඇත.
මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, පුත්තලම දිසාපති, චිත්‍රානන්ද හේරත් මහතා, වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා ඇතුළු වයඹ නාවික විධානයේ නිලධාරීන් කිහිපදෙනෙකු, ප්‍රදේශ වාසී ප්‍රභූ ජනතාව ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.











