සාර්ථක සංචාරයකින් අනතුරුව පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘කාශ්මීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 13 වන දින කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් පකිස්ථානු වෙරළාරක්ෂක නෞකා ‘කාශ්මීර්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (අගෝස්තු 16) දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
සිව්දින (04) නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්ය මණ්ඩලය, දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ සුහද අත්පන්දු ක්රීඩා තරඟයකට සහභාගී වු අතර, ශ්රී ලංකාවේ ආගමික හා සංස්කෘතිමය අතින් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමටද සහභාගී වන ලදී.





