කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (ඒඑස්ඩබ්) සමන් පෙරේරා මහතා විසින් ත්‍රිකුණාමලය, ත්‍රිෆැතම් ජැටිය පරිශ්‍රයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින්, කොමදෝරු මුහුදු පුහුණු නිලධාරි, කොමදෝරු ප්‍රදිප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.









