ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා අද (අගෝස්තු 20) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) ජයනාත් ද සිල්වා මහතා විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා කොමදෝරු මුහුදු පුහුණු නිලධාරි, කොමදෝරු ප්‍රදිප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.








