ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නැගෙනහිර ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා ද සහභාගී විය.
‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් නැගෙනහිර විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා මහතා හමුවූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
තවද, නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි ඇතුළු පිරිස නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති සම්මන්ත්රණ ශාලාවේදී පුහුණු කපිතාන්, කපිතාන් කෝසල විජේසුරිය මහතා හමුවූ අතර, එහිදි දෙරටේ නාවික හමුදාවන්හි පුහුණු කටයුතු සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, අනතුරුව ඔවුන් නාවික තඨාකාංගණයේ ස්ථාපිත නාවික කෞතුකාගාරය නැරඹිමට ද සහභාගී වන ලදී.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.















