මුහුදේ අතරමං වූ ධීවරයින් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (අගෝස්තු 20) දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
‘තේජාන් පුතා’ නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය අගෝස්තු 19 වන දින අම්බලන්ගොඩ, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ගාල්ල මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව පෙරලීම හේතුවෙන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතුව සිටි වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් සහ වෙරළබඩ මුර යාත්‍රාවක් එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාවිකයින් ක්ෂණිකව ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ඒ අතරතුර වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් එම ධීවරයින් බේරා ගෙන ගාලු ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 3.6 ක් ද ුරකින් වූ මුහුදු ප්‍රදේශයේ සිට වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දිමට කටයුතු කර ඇත.
ඉන් අනතුරුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම ධීවරයින් ආරක්ෂාකාරී ලෙස ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබූ අතර, එම ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.





