කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ඊයේ (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. මෙම නෞකාව වරායෙන් පිටත්වීම නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් සුමිත් විරසිංහ මහතා ද සහභාගී විය. එහිදී, ආඥාපතිතුමන් විසින් නෞකාවේ අණදෙන නිලධාරීට සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී.
නෞකාවේ සමස්ථ කාර්යය මණ්ඩලය 150 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 26 දෙනෙකු සහ නාවිකයින් 124 දෙනෙකු ද ඇතුළත් වන අතර, නෞකාව අගෝස්තු 29 වන දින ඕස්ට්‍රේලියාව වෙත ලඟා වීමට නියමිතය.
බහුපාර්ශවික කකාඩු පුහුණු අභ්‍යාසය 2018 අගෝස්තු මස 30 වන දින සිට සැප්තැම්බර් මස 16 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වෙන අතර, එහිදී මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර සහ සාගර සෙවුම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු සාගරික සහ ගුවන් ඒකාබද්ධ නාවික අභ්‍යාස රැසක් සිදු කරනු ලබයි. එමඟින් විදේශිය නාවික හමුදාවන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, ඒතුළින් අප හට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.
තවද, මෙම පුහුණු අභ්‍යාසය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මඟින් සංවිධානය කරනු ලබන අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව ද දායකත්වය සපයනු ලබයි. පිලිපීනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, පකිස්ථානය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය හා වියට්නාමය ඇතුළු රටවල් 26 ක නාවික හමුදාවන් එක්ව මෙම අභ්‍යාසය සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා නෞකාවන් 24 ක් සහ ගුවන් යානා 21 ක් ද සහභාගී විමට නියමිතය.






