ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා අද (අගෝස්තු 21) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (මාලිමා) විජිත් ද සිල්වා මහතා විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.








