‘ඉකසුචී’ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (අගෝස්තු 21) ත්‍රිකුණාමලය ඩච්බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එහිදී, ඔවුන් විසින් ගොඩ ගැසී තිබූ කැලි කසළ, පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ඉවත් කොට එම වෙරළාශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි. මෙම වැඩසටහන සඳහා නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් රැසක් සහභාගීවි සිටියහ.












