ජපන් ආරක්ෂක අමාත්‍යතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා (Itsunori Onodera) මහතා අද (අගෝස්තු 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් විධාන මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා විසින් නැගෙනහිර නාවික විධානයේ ව්‍යුහය සහ නාවික හමුදාව සිදුකරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් අමාත්‍යතුමා දැනුවත් කිරීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, කෙනජි සුගනුමා (Kenichi Sugunuma) මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ (Captain Atsuhiro Morore) මහතා සහ ජපන් රජයේ නියෝජිතයින් ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේනතු ප්‍රධානීන් රැසක් ද සහභාගී වී සිටියහ. මෙම චාරිකාවාරය සනිටුහන් කරනු වස් අමාත්‍යතුමා විසින් නාවික තඨාකාංගණය තුළ අඹ පැලයක් ද රෝපණය කරන ලදී.
තවද, සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘ඉකසුචී’ නෞකාවේ නිරික්ෂණ චාරිකාවරයක්ද සිදු කළ අතර, එහිදී නෞකාවේ මෙහෙයුම් භාර නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් ඇමතීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව නෞකාවේ නිරීක්ෂණ චාරිකාවත් සමඟ අමාත්‍යතුමන්ගේ නැගෙනහිර නාවික විධානය තුළ සිදු කළ සංචාරය නිමාවට පත්විය.













