ආරක්ෂක ලේකම්තුමා ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘ෂර්මන්’ හි නිරික්ෂණ චාරිකාවක නිරත වේ
ආරක්ෂක ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (අගෝස්තු 22) ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ෂර්මන් (USCGC Sherman) හි නිරික්ෂණ චාරිකාවක නිරත වන ලදී.
ඒ අනුව, ආරක්ෂක ලේකම්තුමා හවායි දුපතේ හොනොලුලු වෙත ගොස් ෂර්මන් නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා ඇතුළු නෞකාවේ කාර්ය මණ්ඩලය හමුවි ඔවුන් ඇමතීමට කටයුතු කරන ලද අතර, එහිදී නෞකා කාර්ය මණ්ඩලය සිදු කරනු ලබන සේවය ඇගයීමට ලක් කරන ලදී.
තවද, හවායි දුපත කරා පැමිණෙන හරිකේන් සුළිසුළං තත්ත්වය නොසලකා නෞකාවේ චාරිකාවක නිරත වූ ආරක්ෂක ලේකම්තුමා ඇමෙරිකානු වෙරළාරක්ෂක බලධාරින් හමුවී මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගැනීමේ කටයුතුවල තත්ත්වය සම්බන්ධයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සුහද සාකච්චාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා හවායිහි ශ්‍රී ලංකා නියෝජිත, ගරු ධම්මික කුරේ (Dhammika Cooray) මහතා ද සහභාගීවි සිටි අතර, වර්ධනය වෙමින් පවතින සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ෂර්මන් නෞකාව නිළ වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම ප්‍රමාද වුවත් අගෝස්තු මස අවසන් වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිතව ඇත. තවද, එම නෞකාව 2019 අප්‍රේල් මාසය අග වන විට ශ්‍රී ලංකාවට සේන්දු විමට නියමිතය.







