දියේ ගීලි මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
වත්තේගම, රාස් ඇල්ලෙහි දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 24) කටයුතු කරන ලදී.
කලුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුපුන් සමීර නමැති අය දියේ ගිලි අතුරුදහන් වි ඇති බවත්, එම පුද්ගලයා සෙවිමේ කටයතු සඳහා නාවික හමුදා කිමිදුම් අංශයේ සහාය ලබා දීමට කටයුතු කරන ලෙසත් වත්තේගම, පොලීසිය නාවික හමුදා මුලස්ථානය වෙත දැනුම්දි ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදා මුලස්ථානය මෙම කර්තව්‍ය සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අදාල ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් මහත් පරිශ්‍රමයක් දරා දිය ඇල්ල ඇද හැලෙන ස්ථානයේ ගැඹුරු වලක සිරවි තිබූ තරුණයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, එම මෘත දේහය වත්තේගම පොලීස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදී.




